World

පාසලක වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙක් මරුට – සැකකාර 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට

පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු මියගොස් තිබේ.

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පාසලක මෙම සිදු වීම සිදුව ඇති අතර වෙඩි තැබීමෙන් තවත් පාසල් සිසුන් ඇතුළු ගුරුවරුන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි ප්‍රහාරයෙන් වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු සහ 14 හැවිරිදි සහ 17 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙක් මියගොස් ඇත.

තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු සැත්කමක් සඳහා යොමු කර ඇති බව සඳහන් වේ.

15 හැවිරිදි සිසුවෙකු විසින් අර්ධ ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

පාකිස්තානයේ විෂ වායු කාන්දුවක් – 4ක් මරුට

colombotoday

නත්තලට සටන් විරාම නැහැ.. යුක්‍රේනයේ සාම යෝජනාව රුසියාවෙන් ප්‍රතික්ෂේප කරයි

Admin

පාකිස්ථාන හෙලිකොප්ටරයක් බලුකිස්තානයේදී අනතුරට ලක්වෙයි

Admin

දිල්ලි පුරවරය අදුරු වෙයි.

colombotoday

විනෝද උද්‍යානයක රෝලර් කෝස්ටර් යන්ත්‍රයක් හදිසියේ අක්‍රීය වෙයි

Admin

කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 8ක් මරුට – 47කට තුවාල

colombotoday