Colombo Today Local News

ලක්ෂ 20 ක මත්කුඩු සමඟ දෙදෙනකු වරාගොඩදී අත්අඩංගුවට

කැලණිය වරාගොඩ ප්‍රදේශයේ රථ ගාලක ත්‍රිරෝද රථය නවත්වා ගෙන සිට මත්කුඩු ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 20 ට අධික මත්කුඩු සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දිනපතා සිදුකරන ජාවාරම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (25) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇති බව පොලිසිය කියයි.

මොවුන් ත්‍රීරෝද රථය රථ ගාල නතර කිරීමෙන් පසු ජාවාරම්කරුවන් එම ස්ථානයට පැමිණ මත්කුඩු මිලදී ගන්නා බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැලණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27. 42 වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

Related posts

හදුනා නොගත් යාත්‍රාවක්

Admin

කෝටි දෙකක හෙරොයින් සමග සැකකරුවෙකු රාජගිරියෙන් අල්ලයි

colombotoday

මාලි රාජ්‍යයේදී සෙබළුන් දෙදෙනෙකු මියයෑම.. ජනපතිගෙන් මානව හිමිකම් කොමිසමට චෝදනා

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියකට රජය එකඟ වෙයි

Admin

දකුණේ නීතිය උතුරට නෑ.. යාපන සරසවිය ගැටුම ගැන ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක – ගම්මන්පිල

colombotoday

සති අන්තයේ කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday