විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස් පෙළ සිසුන්ගේ ලියාපදිංචිය අද (26)දින සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි.
සුදුසුකම් ලැබූ සිසුන්ට අද දහවල් 12.00 ට පෙර ඔවුන්ගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ඔස්සේ දැනුම් දෙන බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
ලබන මස 5 වැනිදා දක්වා ලියාපදිංචිය සිදු කෙරෙන බවද මහාචාර්යවරයා සඳහන් කරයි.