කින්නියා, කුරිඤ්ඤන්කර්නි ප්රදේශයේදී පාරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.
මේ වන විට 11 දෙනෙකු රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.
පාරුව පෙරළෙන අවස්ථාවේ ළමුන් 20 දෙනෙකු පමණ එහි සිට තිබේ.
මියගිය පුද්ගලයින්ගේ සිරුරු කින්නියා රෝහලේ තැන්පත් කර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.
අතුරුදන්ව ඇති පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මකයි.