Colombo Today Local News

අපේ මුහුදු සීමාවේ නැවක් කැරකි කැරකි තියෙනවා – නලින්ද ජයතිස්ස

අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වූ කාබනික පොහොර අයත් චීන සමාගමෙන් තවත් පොහොර නෞකා 5ක් ඇණවුම් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ තවදුරටත් මෙරට මුහුදු සීමාවේ නැංගූරම්ලා ඇති චීන සමාගමට අයත් පොහොර නෞකාව යළි හරවා යැවීමට රජය තවමත් අපොහොසත් වී ඇති බවය.

පාදුක්ක ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේය.

“අපේ මුහුදු සීමාවේ නැවක් කැරකි කැරකි තියෙනවා මාසයක්. එහෙම අපේ මුහුදු සීමාවේ මේක මෙහෙම තියෙන්න බෑ. ඒකේ තියෙන්නේ අහිතකර ක්ෂුද්‍ර ජීවින් සහිත පොහොර නැවක්. ඒ නිසා මේ නැව ආපිට හරවලා යවන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමනේ කුම්බලා මාළු කෑවාම විඳවන්න වෙනවා. ඒ වගේම තමයි ගලේ පැහැරුවාට පස්සේ ඒක වහගන්න කොච්චර ට්‍රයි කළත් බෑ. ආණ්ඩුවට වෙලා තියෙන්නේ මෙහෙමයි චීන පොහොර නැවට ගන්න හිටිය දේවල් අරගෙන තියෙන්නේ දැන් මේක රිවස්කර ගන්න බෑ. ඔය පොහොර නැව නෙමේ තව පොහොර නැව් 5කට ඇණවුම් දාලා තියෙන්නේ. ඔය පොහොර නැව් 5 ගෙනාවට පස්සේ තව අවුරුදු 10ක් 15ක් යනකම් ලංකාවට පොහොර ගෙන්නේ ඔය කියන සමාගම.”

Related posts

මන්නයකින් ගෙලට පහර දී අයියා ව ඝාතනය කළ 14 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

Admin

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් රටින් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

colombotoday

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට මේ ආණ්ඩුවට බෑ – හිටපු ජනපති

colombotoday

නිදහස් පක්ෂයේ තැනක් නැති වුණොත් මහින්ද ලගට යනවා – මුතුහෙට්ටිගම කියයි

colombotoday

වැලිකඩ සිරදඩුවම් විදින රැඳවියන් 4ක් ධර්මාචාර්ය ඉහළින් සමත්

colombotoday

ජනපති මන්දිරයෙන් හමු වූ මුදල් ගැන වර්තව අධිකරණයට – කොටුව පොලිස් ස්ථානාධිපති දුරකතන ඇමතුමක් දුන් බව දේශබන්දු පිළිගනී

colombotoday