Colombo Today Local News

ආර්ථික ප‍්‍රශ්නවලට වගකිවයුත්තේ විවෘත ආර්ථිකයේ අනිසි ප‍්‍රතිඵලයි. – හිටපු ජනාධිපති

අද වන විට ඇතිවී තිබෙන ආර්ථික ප‍්‍රශ්නවලට වගකිවයුත්තේ පැවැති යහපාලන ආණ්ඩුව නොව අවුරුදු තිහ හතළිහක් තිස්සේ පැවැති විවෘත ආර්ථිකයේ අනිසි ප‍්‍රතිඵල බව හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවැසීය.

අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (17 දා) මේ බව කී මෛතී‍්‍රපාල සිරිසේන මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මේ සභාවේ ඇතිවන වාද විවාදවලදී මා දැක්ක දෙයක් තමයි වර්තමානයේ තිබෙන ආර්ථික ප‍්‍රශ්න යහපාලන ආණ්ඩුව පැත්තට තල්ලූ කරනවා. මම කියන්න ඕනෑ යහපාලනයේ නායකයාත් ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක. අද ඇතිවුනු ප‍්‍රශ්න යහපාලන ආණ්ඩුව කාලයේ ඇතිවූ ඒවා නොවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ ආපු ප‍්‍රශ්න. විවෘත ආර්ථිකයේ අනිසි ප‍්‍රතිඵල තමයි මේ දකින්න ලැබෙන්නේ. දේශපාලනඥයන්ගේ වැරදි කළමනාකරණය තුළ පිටරටින් භාණ්ඩ ආනයනය වගේ අවුරුදු 40ක් තිස්සේ සිදුවන දේවල් නිසයි මේ ප‍්‍රශ්න. හැම ආණ්ඩුවක්ම තිබුණු ආණ්ඩුවට බණිනවා. අඩුපාඩුකම් තිබුණත් යහපාලන ආණ්ඩුව රටට විශාල සේවයක් කළා.

Related posts

“මම අදටත් සජබ යේ උප ලේකම්” – සජබ කූඨ ලේඛනය හැදුවයි ඩයනා සී.අයි.ඩීයට

Admin

මාස 5ක් තුළ ඉන්දීය ධීවරයින් 28ක් අත්අඩංගුවේ

Admin

තොණ්ඩමාන් “දෙමළ අධ්‍යාපන ඇමති“ කිරීම ව්‍යවස්ථාවට පටහැණියි…

colombotoday

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “බොදු බල සේනා දිවි සරණ.”

colombotoday

“හයිඩ් පිටියේ රැළියට ආවෙ බේබද්දො… ආව සියළුදෙනා ශ්‍රීලනිපයෙන් එලවනවා” චන්ද්‍රිකා

colombotoday

කූඩුවෙන් පැන්න සිරකරුවා නීතිඥවරියගේ බෙල්ල මිරිකලා

Admin