බේස්ලයින් මාර්ගයේ කිරුලපන එඩ්මන්ටන් පාරේ ජල නළ එළීම සඳහා කැපූ වළකට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එහි සේවය කළ තරුණයෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අද (12) උදෑසන සිදුවූ අනතුරෙන් 19 හැවිරිදි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇති බවයි.
සිරුර ජාතික රෝහලට රැගෙන ගිය බව පොලීසිය සඳහන් කළේ ය.