Colombo Today Local News

හිටපු හමුදාපතිට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ වෙයි

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම තරුණයින්ගේ දෙමව්පියන් ගොනු කල රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (10)දින තීන්දු කළේය.

ඒ අනුව පෙත්සමෙහි වගඋත්තරකරුවන් ට නොතීසි නිකුත් කිරීම ද ප්‍රතික්ෂේප කරන ලදි.

අදාළ නියෝගය නිකුත් කිරීම සඳහා පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

පුද්ගලයකු ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමේ හෝ නොකිරීමේ අභිමතානුසාරී බලය නීතිපතිවරයා සතුවන බැවින් අධිකරණය ඊට මැදිහත් නොවන බව එහිදී නියෝගය ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා සඳහන් කළේය.

මෙම පෙත්සම විභාගයටගැනීමට තරම් නඩු නිමිත්තක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කාර පාර්ශවය සමත් වී නැති බව ද එහිදී සඳහන් කෙරිණ.

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා පවත්වාගෙන නොයාමට හේතු වූ කරුණු ඇතුළත්ව නීතිපතිවරයා ඉදිරිපත් කල රහසිගත වාර්තා දෙකක් අධිකරණය සලකා බැලූ අතර ඔහුට එරෙහිව අපරාධ චෝදනා පවත්වාගෙන යාමට තරම් සාධාරණ හේතු නැති බව එහි සදහන් වන බව ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව පෙත්සම ඉවත දමන බව විනිසුරු මඩුල්ල සදහන් කලේය.

සරෝජා ගෝවින්ද සාමි නාගනාදන් හෙවත් එම්.සරෝජනී පෙරේරා, ජමාල්ඩීන් ජෙනී ෆස්ලීන්ජෙනිෆර් වීරසිංහ, දොන් මර්වින් ප්‍රේමලාල් වීරසිංහ, අමීන්තුල් ජිෆ්රියා සාබ්දීන් මෙම පෙත්සම් කරුවෝ වෙති.

නීතිපතිවරයා සහ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා මෙහි වගඋත්තරකරුවෝ වෙති.

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ට එරෙහිව ඇති අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපති වරයා ගත් එම තීරණය අසාධාරණ, අත්තනෝමතික නීතිවිරෝධී තීරණයක් වන බැවින් එය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් කරන ලෙස ද විත්තිකාර හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ට එරෙහිව ගොනු කර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන ලෙස නීතිපතිවරයා ට බල කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ, සහ නීතීඥ අචලා සෙනෙවිරත්න පෙනී සිටියහ.

වගඋත්තරකාර හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා සහ නීතීඥ සුගත් කලදේරා පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.

Related posts

ඇප ගෙවන්න සල්ලි නැතිව යළි සිරගතවූ දේශයට නිදහස් දුන් ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අද අපේ යුතුකම කරමු !

colombotoday

ආණ්ඩුකාර නියෝගය නොතකයි. මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් කරයි

colombotoday

පරම්පරා තුනකට හම්බන්තොට චීනයට.. චීන සමාගම අවසන් ඔප්පුව සකසා අවසන් !

colombotoday

රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට අලි ගහලා..

Admin

TNA මන්ත්‍රී ප්‍රභාකරන්ගේ ගෙදර කේක් කපා උපන් දිනය සමරයි !

colombotoday

ජවිපෙ සමන්තට එරෙහිව ඌව මහ ඇමති සීනිගමදී මිරිස් අඹරයි

colombotoday