එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ඊයේ (5) පස්වරුවේ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විය.
එහිදී නැගී සිටිමින් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද අදහස් පළ කර සිටියේය..
“අපි මේ වෙලාවේ කරන්න ඕනේ ඉන්න පිරිස තුන හතරට බෙදිලා මේක කෑලිවලට ඇදීම නෙමෙයි. ඉන්න සියලු දෙනාම එකතු කරගෙන ශක්තිමත් වෙන්නයි. එහෙම නොවුනොත් අපිට මේ තියන ටිකත් නැති වෙයි. ඒ නිසා මම කැමැතියි නියෝජ්‍ය නායක තනතුරෙන් ඉවත් වෙලා හරි පක්ෂය ශක්තිමත් කරන්න පුළුවන් කෙනෙකුට මේක ලබා දෙන්න. මට නායකත්වයට යෑමේ අවශ්‍යතාවයක් නැතැයි ” ඔහු පැවසූ බව ආරංචි මාර්ග පවසයි.