Colombo Today Local News

මුතුරාජවෙල රැක ගන්න සජබෙ උසාවි යයි

මුතුරාජවෙල තෙත් බිම සහ පෑලියගොඩ සහ මීගමුව දක්වා ඉඩම් රජයට පවරා ගැනීමේ සුදානමට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසකම් පෙත්සමක් ගොනු කළේ ය.

එම පෙත්සම භාර දෙනු ලැබුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු, වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් විසිනි.

පෙත්සම ගොනු කිරීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ, මහා ඉඩම් කොල්ලය හරහා ආර්ථිකය විනාශ කිරීම මහා කුමන්ත්‍රණයක් දියත් වන බවයි.

විශේෂයෙන් පෝට්සිටි සංවර්ධනයේ දිගුවක් ලෙස මුතුරාජවෙළ ජාත්‍යන්තර පෞද්ගලික සමාගම්වලට ලබදීමේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ජයවර්ධන මහතා සඳහන් කළේ ය.

මීට අමතරව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේ, ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කන්දීමක් සිදු නොකරන බැවින් මේ වනවිට කදානේ උපවාසයක් ද ආරම්භ කර ඇති බවයි.

”සඳුදා විශාල ජන කොට්ඨාසයක් ඒකරාශී කරමින් ආණ්ඩුවට ඇහෙන්නේ නැත්නම් ආණ්ඩුවට ඇහෙන්න ඕන විදිහෙ විශාල උද්ඝෝෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.. ජනතා පෙළ ගැස්වීම කාදිනල් උන්නාන්සේගේත් ආශිර්වාදය එක්ක මේ සම්බන්ධයෙන් ජනතාව පෙළ ගස්වන්න දිවි හිමියෙන් කැප වෙනවා..”

Related posts

පළාත් සභා සීමා නීර්ණ වාර්තාවට තවත් මාස දෙකක් – මැතිවරණය තවත් කල් යයි

colombotoday

ඩයනා අධිකරණයට අපහාස කරලා? – නඩුවක් ගොනු කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක්

Admin

දිගන ගිනිගත් නිවසකින් මළ සිරුරක් හමුවෙයි..

colombotoday

හම්බන්තොටින් නාමල් පෙරමුණේ

colombotoday

බැදුම්කර වංචාවට මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති අත්අඩංගුවට

colombotoday

නාමල්ගේ ඔරලෝසුව ලක්‍ෂ 65යි ආසියාවේ ධනවත්ම පවුල රාජපක්‍ෂ පවුලයි- සුජීව සේනසිංහ

colombotoday