Colombo Today Local News

පවුල් ආරවුලක් විසදන්න ගිය තිදරුමවක් පොලු පහරකින් මරුට

වටවල පොලිස් වසමට අයත්ල මවුන්ජින් තේ වතුයායේ පවුල් දෙකක් අතර ඊයේ(4) රාත්‍රී 07.00 ට පමණ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති වූ පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේල මවුන්ජින් වතුයායේ පදිංචිව සිටි පණස් හත් හැවිරිදි චන්ද්‍රසේකරන් කලාදේවී නැමති තිදරු මවකි.

සිද්ධිය සම්බන්ධයෙන් විසිහත් හැවිරිදි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මිය ගිය කාන්තාවගේ පුත්‍රයා හා අසල්වැසි නිවසියන් සමග ඊයේ රාත්‍රී ඇති වූ බහින්බස් වීමකින් පසුව හටලත් ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා මිය ගිය කාන්තාව ගොස් ඇති බවත්, එම අවස්ථාවේ සැකකරු විසින් මිය ගොස් සිටින අයගේ පුත්‍රයාට එල්ල කරන ලද පොලු පහරක් වැදීමෙන් මෙම කාන්තාව මරණයට පත්ව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව වටවල පොලීසිය කියයි.

Related posts

රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Video

colombotoday

“සංචිත කියල එකක් තිබුණෙත් නැහැ මම එනකොට. එහෙම සංචිත තිබුණා නම් මට ත් කරන්න තිබුණා.”

colombotoday

MIG 27 චෝදනාව ගැන ගෝඨාභයගෙන් විශේෂ ප්‍රකාශයක් !!

colombotoday

රනිල් නැවත වරක් ඉන්දියාවේ සංචාරයක

Admin

අන්තරේ විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක්

Admin

ආණ්ඩුව පෙරළන ඒකාබද්ධ විපක්ෂ පෙරහැරට මං එකතු වෙනවා – රතන හිමි

colombotoday