Colombo Today Local News

“යුගදනවි ගිවිසුමේ මූලික කරුණුවලට නීතිපති අනුමැතිය ලැබුණා’’ – විදුලිබල මණ්ඩලයේ සභාපති

යුගදනවි බලාගාරයට අදාළව අත්සන් කළ ගිවිසුමෙහි ඇති මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ද ලබාගත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී ප්‍රදිනාන්දු මහතා පැවසීය

ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට විශාල අර්බුදයකට මුහුණ පා ඇති බවත්, අඩු පිරිවැයකින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියකට කඩිනමින් යොමු නොවුවහොත් ජනතාවගේ විදුලි බිල මත එම බර පැටවීමට සිදුවන බවත් එහි සභාපතිවරයා කීවේය.

අඩු පිරිවැයකින් විදුලිය නිපදවීමේ වැඩපිළිවෙලක් ලෙස කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් වී ඇති බව දසභාපතිවරයා සඳහන් කළේය.

මෙම ගිවිසුම රාත්‍රියේදී අත්සන් කරන්නට සිදුවූයේ අදාළ කරුණු ඉදිරිපත් කරමින් නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමට බොහෝ වේලාවක් ගත වූ නිසා යැයි ද සභාපතිවරයා කීවේය.

ගිවිසුම අත්සන් කළ ඉකුත් සැප්තැම්බර් 17 වැනිදා පස්වරු 4.30ට එය අත්සන් කිරීමට තීරණය කර තිබුණත් භාණ්ඩාගාර නිලධාරීන්, ඊට අදාළ ඇමෙරිකා පාර්ශවය, එරට නීතිවේදීන්, ආදී සියල්ල සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ සාකච්ඡා කර නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගන්නා විට රාත්‍රිය උදා වී තිබූ බවත්, ඇමෙරිකානු සමාගමේ නියෝජිතයන් එදින මෙරටින් පිටවීමට සූදානමින් සිටි නිසා රාත්‍රියේ එය අත්සන් කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම එරට නීතිවේදීන් සමඟ නීතිපතිවරයා සාකච්ඡා කරන විට එරට වේලාව ගැනත් සැලකිලිමත්වීමට සිදුවූ බව ද සභාපතිවරයා පැවසීය.

එම්.සී ප්‍රදිනාන්දු මහතා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද(3)දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related posts

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස්ට වෙනත් තනතුරක් – රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගය අවසන් වෙන ලකුණු

colombotoday

හෙරොයින්, හෂීස්, ගංජා සහ මත්පෙති සමග තරුණයෙකු කොටු

colombotoday

දිනක් තුල සොයාගත් කොරෝනා රෝගීන් වැඩිම පිරිස වාර්තා වේ. සමස්ත රෝගීන් සංක්‍යාව 142 දක්වා ඉහලට

colombotoday

සැප්තැම්බර් 19 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

colombotoday

විරෝධය තාවකාලිකව නවතී.. මුරුත්තෙට්ටුවේ හිමි ජනපති හමුවෙයි

colombotoday

උලමා හා ISIS සම්බන්ධතා පිළිබදව බොදු බලේ ප්‍රශ්න කරයි…

colombotoday