මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීම ප්‍රශ්නයක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.
එවැනි දේවල් පිළිබඳව සමහර මෝඩයන් කෑ ගැසූ බවත් ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවගේ සම්ප්‍රධායික නීති තිබෙන බවත් මේ සියල්ල එකවිදිහකට ගෙනෙනවා කියන්නේ ජනතාව අතර සැකය ඇති කරන බවත් හෙතෙම ඊයේ (2) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.