කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (1)දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (2)දින තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,770 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 08 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර එක් අයෙක් සහ වයස 30ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.
එමෙන්ම පිරිමි අය 05 දෙනකු සහ කාන්තාවන් 05 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.