Colombo Today Local NewsUncategorized

වැලිකඩ බන්ධනාගාරයේ උද්ඝෝෂණයෙන් කෝටියක දේපළ විනාසයි

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ දී රැඳවියන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයක් හේතුවෙන් එහි ගොඩනැගිලිවලට දැඩි අලාභ හානි සිදුව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාරයේ චැපල් අංශයේ වහළ මත නැග එම උද්ඝෝෂණය සිදුකර තිබුණි.

ඒ සඳහා රැඳවියන් 54 දෙනෙක් පමණ එකතු වී තිබූ අතර ඊයේ රාත්‍රියේ ඔවුන්ව බිමට බස්සවා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් ට හැකිවිය.

එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ ඉන් සිදුව තිබූ හානිය රුපියල් කෝටියක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවය.

උද්ඝෝෂණයට එක්වූ රැඳවියන් ව බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

Related posts

“බැදුම්කර මගඩිය රටට ආ සුනාමියක් වගෙයි“ – මහබැංකු නියෝජ්‍ය අධිපති සියල්ල හෙළිකරයි

colombotoday

මන්ත්‍රීවරයෙකුගේ කෑම වේලක මිල රු. 296යි – කථානායක දැනුම් දෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේදී සංගණනයක්

Admin

කන්දකාඩුක්වේ කොරෝනා ආසාදිතයින් 550ක්

colombotoday

තීන්ත නිශ්පාදන ආයතනයකින් නින්දිත වැඩක්.. පිළිකාවෙන් සමාජය බියවද්දා අලෙවිය වැඩිකරගැනීමේ මෙහෙයුමක

colombotoday

අදත් විදුලිය කැපෙයි

colombotoday