Colombo Today Local News

මහාචාර්ය නීලිකා මලවිගේට WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ තනතුරක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියට නව තනතුරක් හිමිව තිබේ.

ඒ COVID -19 තාක්ෂණ ප්‍රවේශ සංචිතය(C –TAP) පිළිබද WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ විශේෂඥයෙකු ලෙසයි.

කොරෝනා සම්බන්ධ පර්යේෂණ සිදු කරන විශේෂඥයන් 10 දෙනෙකුගෙන් මෙම කණ්ඩායම සමන්විත අතර එම පත් කිරීම වසර දෙකක කාලයක් සඳහා වලංගු වනු ඇත.

ඇමරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවකට අනුව ලොව ප්‍රමුඛතම පර්යේෂණ විද්‍යාඳයින් සියයට දෙක අතර ශ්‍රී ලංකිකයන් 24 දෙනෙකු ඇතුළත් කර තිබේ.

ඒ අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ, මහාචාර්ය මෙත්තිකා විතානගේ සහ ආචාර්ය අනුශ්කා යූ රාජපක්ෂ ඇතුළත්ය.

එමෙන්ම මහාචාර්ය චන්න ජයසුමන මෙන්ම පේරාදෙණිය, වයඹ, කොළඹ, කැළණිය සහ යාපනය විශ්වවිද්‍යාලවල පර්යේෂකයන් පිරිසක්ද ඇතුලත් වේ.

Related posts

කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

colombotoday

ජනපති ඇතුළු රාජපක්ෂ පවුලේ අය විශේෂ සාකච්ඡාවක්

colombotoday

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

විල්පත්තු සංහාරය තවදුරටත් – අක්කර 175ක් පලතුරු වගා සමාගමකට

colombotoday

සිරකරුවන් 11,000ක් නිදහස් කර අවසන්

colombotoday