කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු සන්තකයේ තිබී සිම් කාඩ් පතක් සහ දුම්කොළ සහිත පාසලක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ආරක්ෂාවට සිටින විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් කළ විශේෂ සෝදිසියකදී මෙම සිම් කාඩ් පත සහ දුම්කොළ අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු තිස් දෙකක් වූ හැටන් ප්රදේශයේ පදිංචි සැකකරුවකු හැඳ සිටි කමිසයේ වම් සාක්කුවේ සඟවා සිටියදී සිම් කාඩ් පත සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
වයස අවුරුදු 41 ක් වන කොළඹ 05 ප්රදේශයේ පදිංචි සැකකරු විවිධ ප්රමාණයේයේ දුම් කොළ කැබලි හයක් ගුද මාර්ග සඟවා ගෙන සිටියදී පොලිසිය සොයාගෙන ඇත.