Colombo Today Local News

වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ,කොළඹ- හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ඊයේ(27) රාත්‍රියේ අපවත් විය.

ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

අපවත් වනවිට 84 හැවිරිදි වියේ පසු වූ උන්වහන්සේ මෙරට කීර්තිමත් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වන පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති අධ්‍යක්ෂ ධුරය ද හොඹවනු ලැබුවේ ය.

උන්වහන්සේ දිගුකලක් ආගමික හා සමාජයීය සේවාවන්හි නිරතවෙමින් බෞද්ධ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කළේ ය.

මීට අමතරව කුසලධම්ම නාහිමියන් සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය ද හොබවනු ලැබුවේ ය.

පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනේ වැඩබලන අධ්‍යක්ෂ පූජ්‍ය වැලමිටියාවේ ඥානරතන හිමියන් පැවසුවේ, වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දේහය අද(28) දහවල් 12 න් පසු මහජන ගෞරවය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ තැන්පත් කිරීමට නියමිත අතර ආදාහන පුජෝත්සවය පසුව දැනුම් දෙන බවය.

Related posts

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

colombotoday

අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්

Admin

මරාගෙන මැරෙන්න ප්‍රතිඥා දුන් 350 ක් නිදැල්ලේ. | අපි ඉන්නේ අනතුරක. | සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා.

colombotoday

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

පොහොට්ටුවෙන් පැනපු අයට යන එනමං නැතිවෙයි

Admin

මහින්ද වෙනුවට මංජු ලලිත් දිවුරුම් දෙයි

colombotoday