Colombo Today Local News

සැර අඩු රසායනික පළිබෝධනාශක ගෙන්වන්න පෞද්ගලික සමාගම් කීපයකට නිර්දේශ දුන් බව ඇමති කියයි

මෙවර මහ කන්නයට පමණක් වී වගාව වෙනුවෙන් රසායනික පළිබෝධනාශක ආනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

පොහොර උපදේශන කමිටුව,කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වැවිලි අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත්,ඒ අනුව වී වගාව සහ වැවිලි භෝග සඳහා අවශ්‍ය රසායනික පළිබෝධනාශක ප්‍රමාණය දළ වශයෙන් නිශ්චිත කරගත් බවත් ඇමැතිවරයා කියයි.

මේ අනුව අඩු සැරකින් යුතු වල් නාශක, කෘමි නාශක සහ පළිබෝධනාශක යම් ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් කීපයකට නිර්දේශ ලබාදුන් බවද ඔහු පවසයි.

මේ සඳහා කැබිනට් අනුමැතිය ඉක්මණින් ලබා ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පවසයි.

මේ පිළිබදව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ගෙන් කළ විමසීමකදී කියා සිටියේ අවශ්‍යතාවයමත පදනම්ව සුළු ප්‍රමාණයක් පමණක් ගෙන්වීමට කටයුතු කරන බවය.

රටේ කාබනික වගාව කරගෙන යද්දී යම් විශාල හානියක් සිදුවුවහොත්,එය පාලනය කිරීමට ප්‍රයෝජනයට ගැනීමට මේ රසායනික පළිබෝධනාශක ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියයි.

Related posts

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී යෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීමට තීරණයක්.

colombotoday

හොර පාරෙන් ගෙනා ‍සන්නිවේදන උපකරණ සමඟ තිදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin

මරා වළදැමූ දෙදරු පියෙකුගේ සිරුර පාලු ඉඩමකින් ගොඩගනී

colombotoday

ඉන්ධන බවුසර් 3ක බලපත්‍ර අත්හිටුවයි

colombotoday

නරක් වූ පුවක් තොගයක් යවලා… සනත් ජයසූරියට මුම්බායි අධිකරණයෙන් වරෙන්තු

colombotoday

හින්දු කෝවිලකට පහර දී ප්‍රතිමා හා භාණ්ඩ රැසක් කුඩුපට්ටම් කරයි

colombotoday