Colombo Today Local News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට පත් කෙරුණු කැබිනට් අනු කමිටුව රැස්වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් සංශෝධනය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ,අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනු කමිටුව ඉකුත් සිකුරාදා (22)දහවල් පාර්ලිමේන්තුවේ දී රැස් විය.

අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ජනාධිපති නීතිඥ අලි සබ්රි, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් ඇතුළු ඇමතිවරු හය දෙනෙක් මෙම කමිටුව නියෝජනය කරති.

මේ අතර,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද නිලධාරී කමිටුවේ වාර්තාව ද මේ සතියේ දී රජයට බාරදීමට නියමිතව ඇත.

Related posts

වස විෂ පිරි පිටරට කිරි වලට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා…

colombotoday

චීන යුවලක් සමග අපේ පොලිසිය GPS තාක්ෂණයෙන් හොරෙක් අල්ලයි

colombotoday

අන්‍ය ආගමික ස්ථානවලට පහර දෙන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්න, අගමැතිගෙන් උපදෙස්

colombotoday

හිජාස් හිස්බුලා වෙනුවෙන් දඟලන පුලන්නන්ට කන හරහාම දෙයි. දේශප්‍රේමී නීතිඥවරුන් 216 ක් නීතිඥ සංගමයේ සභාපතිට ලියයි.

colombotoday

වැඩට එන්න.. ඉල්ලීම් දෙන්නම් – තැපැල් සේවකයන්ට ඇමති දන්වයි !

colombotoday

‘අනුර කුමාර ලස්සන වෙලා… හිනා වෙන්නෙත් නෑ’

Admin