Business

අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ඩොලර් බිලියන 5.5 ඉක්මවයි

මේ වසරේ (2021) පළමු මාස අටේදී වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ද ඉක්මවා ගොස් තිබේ.

මේ අනුව ගිය වසරේ (2020) මුල් මාස අටේදී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 3812ක වෙළෙඳ හිඟය මේ වසරේ (2021) මුල් මාස අටේදී ඇමරිකානු ඩොලර් මිලියන 5509 දක්වා ඉහළ ගොස් ඇත.

මේ කාලයේදී අපනයන ආදායම් වැඩිවීමේ වේගයට වැඩි වේගයකින් ආනයන වියදම් වර්ධනය වීම මෙසේ වෙළෙඳ හිඟය වර්ධනය වීමට හේතු වී තිබේ.

ඒ අනුව අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 7903 දක්වා සියයට 22.9කින් සහ ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 13411ක් දක්වා සියයට 30.7කින් ද ඉහළ ගොස් ඇති බව ශී‍්‍ර ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

මෙසේ ආනයන වියදම් ඉහළ යෑමට ඉන්ධන ආනයන වියදම් මේ කාලයේදී ඇමරිකානු ඩොලර් මිලියන 704.7කින් ඉහළ යෑම සැලකිය යුතු ලෙස බලපා තිබේ.

Related posts

නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 11ත් ඉක්මවයි

colombotoday

නොමිළේ WIFI.. ගූගල් බැලුන්.. වලින් පසුව රටටම 4G දෙන්න මයික්‍රොසොෆ්ට් එයි

colombotoday

මොබිටෙල් සබඳතා නොකඩවා පවත්වා ගැනීමට සේවා රැසක්

colombotoday

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin

ඩොලරයක විකුණුම් මිල ශත 7 කින් පහළ යයි

colombotoday

ජපන් වාහන ආනයනය නවතී.. සමස්ථ වෙළදපොළ ඉන්දියානු වාහන අල්ලා ගනී

colombotoday