Colombo Today Local News

ගස් හිටවන්න බෑ… අභියාචනාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි බදියුදීන් ඉල්ලයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගය සඳහා පෙබරවාරි මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දින නියම කළේය.

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව පිහිටි කල්ලාරු රක්ෂිත කැළෑ ප්‍රදේශය හෙළිකොට අනවසර ඉදිකිරීම් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කෙරුණු නඩුවකදී අභියාචනාධිකරණය විසින් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නිකුත් කර තිබෙන නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලමින් එම පෙත්සම ගොනුකර තිබුණි.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටි කල්ලාරු හා මරිච්චුකට්ටි වනාන්තර එළිපෙහෙළි කොට අනවසර ඉදිකිරීම් ගොඩනැගීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2015 වසරේ එවක අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණි.

එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය අදාළ වනාන්තර එළිපෙහෙළි කිරීම නීති විරෝධී යැයි තීන්දු කරමින් එම ප්‍රදේශයේ යළි ගස් සිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

එම ගස් සිටුවීමේ වැඩපිළිවෙළ සඳහා දැරීමට සිදුවන වියදම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ගෙවිය යුතු බවටද අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් වී තිබුණි.

එම අභියාචනාධිකරණ නියෝගය නීතියට පටහැනි බවත් තමන්ට එරෙහිව සිදුකර තිබෙන අදාළ නියෝග බලරහිත කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Related posts

වසර 16කට පසු අඩුම ආර්ථික වර්ධන වේගය 2017 වසරේ.. සංගණන වාර්තාව ඉවත්කරගනී…

colombotoday

රටක කඳුළු පිසදැමූ පියෙකුගේ නෙතට කඳුළු ගලනවා දුටුවෙමු !

colombotoday

ගෝඨා සමග රට දියුණු කරන ගමනට අපි සූදානම් – ගෙලිඔයේදී මුස්ලිම් ජනතාව කියයි

colombotoday

වියදම කෝටි 1400යි, ශරියා දේශකයන් මක්කමෙන්, ඊජිප්තුවෙන් – ආසියාවම අස්ථාවර කළ හැකි, අන්තවාදී උපාධි කඩය ගැන ඇග සලිත වන හෙළිදරව්වක්…

colombotoday

2002 අලි කොටි ගිවිසුම සහ 2019 ව්‍යවස්ථා මර උගුල ඇසුරෙන් ජවිපෙ ඩීල්වාදය තේරුම් ගනිමු.

colombotoday

අයි.එම්.එෆ්. රාජ්‍ය සේවකයන් අඩු කරන්න කියනවා

Admin