Colombo Today Local News

ඉන්දන පිරවුම්හල්වල පෙට්‍රල් නෑ. – තෙල් හිගයක් නොමැති බව ඇමති කියයි.

තෙල් හිගයක් නොමැති බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ ප්‍රකාශ කල ද, මේ වනවිට ඉන්දන පිරවුම්හල්වල පෙට්‍රල් නොමැති තත්වයක් දක්නට ලැබෙනවා.

මේ පිළිබඳව අප කඩවත, කිරිබත්ගොඩ, කැලණිය යන ප්‍රදේශවල දී සිදුකල සොයා බැලීමක් සිදුකර සිටියා. අද (22) උදෑසන සිට O 92 වර්ගයේ පෙට්‍රල් ඉන්දන පිරවුම්හල්වල අවසන්ව තිබූ අතර දහවල් වන විට O 95 වර්ගයේ පෙට්‍රල් ද අවසන් වී ඇති බවක් දක්නට ලැබුණි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට lanka IOC ඉන්දන මිල වැඩිකෙරුන ද IOC ඉන්දන පිරවුම්හල් තුලද පෙට්‍රල් නොමැති බවක් නිරීක්ෂණය විය.

කෙසේ වෙතත් ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටියේ කිසිදු ඉන්දන හිඟයක් නොමැති බවයි.

Related posts

හෙට සිට ගෑස් මිල පහළට

Admin

ගංවතුර ගැටළුවට ලබන වසරේ විසඳුම්

Admin

අල් හුසේන්ට එරෙහිව විරෝධතා කළාට විමල් ඇතුළු 7ක් උසාවි කැදවයි.. ලක්ෂය බැගින් ඇප

colombotoday

රටේ භෞමික අඛන්ඩතාව ස්වාධීනත්වය අනතුරේ හෙළන යෝජනාවන් ප්‍රතික්ෂේප කළ යුතුයි. 13 එපා – ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපති අතට ම ලිපියක්

Admin

මහින්දානන්ද රිමාන්ඩ්

colombotoday

ජිනීවා උණුසුමෙන් මැති සබේ රත් වෙයි. දිනේෂ් සෙංකෝලයත් උස්සන් දුවයි

colombotoday