Colombo Today Local News

ශ්‍රී ලංකාව ණය පැහැරහරින්න රුසියා – ‘ෆිච්’ආයතනයෙන් අනතුරු අඟවීමක්

ශ්‍රී ලංකාවට සිය විදෙස් ණය පැහැර හැරීමේ ‘සැබෑ හැකියාවක්’ පවතින බව අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච්’ අනතුරු අඟවා ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් රැසක් පිළිබඳව ආයෝජකයන් දැනුවත් කිරීම වෙනුවෙන් නිකුත් කෙරෙන “ආයෝඡකයින්ට දැන ගැනීමට අවශ්‍ය දේ: නැගී එන-වෙළෙඳපළේ ස්වෛරී වගකීම්-4Q21”(What Investors Want to Know: Emerging-Market Sovereigns – 4Q21) වාර්තාව ඔස්සේ ෆිච් මෙම අනතුරු ඇඟවීම කර තිබේ.

“2020 නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා බාහිර මූල්‍ය කටයුතු බිඳෙන සුළු මට්ටමක පවතින අතර 2021 ජූනි මාසයේදී අපගේ එම ‘CCC’ ශ්‍රේණිගත කිරීම නැවත තහවුරු කරමින් සැලකිය යුතු ණය අවදානමක් පෙන්නුම් කර තිබේ” යැයි ෆිච් රේටින්ග්ස් අධ්‍යක්‍ෂවරියක වන සාගරිකා චන්ද්‍ර අදාළ වාර්තාවෙන් ප්‍රකාශ කර තිබේ. 2021 ඉතිරි කාලය ශ්‍රී ලංකාවට ගෙවිය යුතුව ඇති විදේශ ණය වලින් වැඩි ප්‍රමාණයක් ව්‍යාපෘති වෙනුවෙන් සහ බහුපාර්ශ්විය ණය වෙනුවෙන් ගෙවිය යුතුව ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම් පිළිවෙළින් 2022 ජනවාරි සහ ජූලි මාසවලදී ඩොලර් මිලියන 500 ක් සහ ඩොලර් බිලියන 1 ක් වශයෙන් පවතින බවද ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම දිගින් දිගටම බැහැර කරන බවද පවසන එම වාර්තාව 2023 වන විට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 2.5 දක්වා පහත වැටෙනු ඇති බවට ද අනාවැකි පළකර ඇත.

Related posts

ෂැංග්‍රීලා ප්‍රහාරය සහරාන් හස්මින්, මඩකලපු ප්‍රහාරය අබු මොහොමඩ් – ප්‍රහාරකයන් හඳුනාගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි

colombotoday

බස්වල කෑලි ගලවන එක යුක්තිය මෙහෙයුම වගේ

Admin

මුහුදු සීමාව පැන මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 14කට වැඩ වරදී

Admin

හිඟුරක්ගොඩ පාසල් දරුවන්ගේ පෝෂණ මල්ලෙන් ලක්ෂ 18ක් හොරා කාලා

colombotoday

“සුපර් මෑන්“ බස්නාහිරටත් එපා.. පනත වැඩි ඡන්දයෙන් පරාදයි

colombotoday

අජිත් රෝහණ ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම කල්යයි

Admin