World

ප්‍රථම වරට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථව මිනිසෙකුට බද්ද කරයි

ලොව පළමු වරට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථව මිනිසෙකුට බද්ද කිරීමට ඇමරිකාවේ වෛද්‍යවරුන් පිරිසක් සමත්ව ඇත.

අදාල වකුගඩුව බද්ද කිරීම ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වෛද්‍ය විද්‍යාලයක සිදුකර ඇති අතර ඒ සඳහා ජානමය වශයෙන් වැඩිදියුණු කළ ඌරකුගේ වකුගඩුවක් යොදාගෙන තිබේ.

ඒ අනුව මෙම බද්ද කිරීමෙන් පසුව වකුගඩුව මිනිස් සිරුර මගින් ප්‍රතික්ෂේප කිරීමක් පෙන්නුම්කොට නොමැති බව ද වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.

වකුගඩුව බද්ද කිරීමට ලක්වු තැනැත්තිය මොලය මියයෑමකට ලක් පසුව වකුගඩුද අකර්මණ්‍ය වූ කාන්තාවක් වන අතර ඇගේ පවුලේ සාමාජිකයන් සැත්කමට එකඟතාව පළ කර තිබිණි.

අදාල වකුගඩුව දින තුනක කාලයක් බද්ද කර තබා ඇති අතර එම කාලයේදී සාමාන්‍ය වකුගඩු බද්ද කිරීමක් ලෙස එය ක්‍රියාත්මකව ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මූලික පර්යේෂණ සාර්ථක බවත් ඉදිරියේදී වැඩිදුරටත් පරීක්ෂා කිරීම් මගින් ඌරන්ගේ අවයව මිනිසාට බද්ද කිරීම් සාර්ථක කර ගැනීමට හැකිවනු ඇති බවද වෛද්‍යවරුන් විශ්වාසය පළකරයි.

Related posts

ලෝක බලවතා පලිගැනීමේ සැලසුමක

Admin

පාකිස්ථානයේ කිතුණු පල්ලියකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !

colombotoday

පැරිස් නුවර මාසයක් ලොක්ඩවුන්

colombotoday

හමාස් – ඊශ්‍රායල ගැටුම් මැද ඉන්ධන මිලේ ලොකු වෙනසක්

Admin

චීනයේ කම්හලක ගින්නකින් 36 ක් ජිවිතක්ෂයට

Admin