Colombo Today Local News

එක්නැලිගොඩ නඩුවට සහය නොදෙනවානම් යුද හමුදාපතිටත් නඩු!

eknaligoda kotiyaවෙබ් මාධ්‍යවේදියෙකු සහ කොටි සංවිධානයේ ඔත්තුකරුවෙකු ලෙස සැලකෙන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරදන්වීම සම්බන්ධනේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යුද හමුදා බුද්ධි නිලධාරීන්ගේ අවශ්‍ය තොරතුරු ලබා නොදෙන්නේ නම් යුද හමුදාපතිවරයාට නඩු පවරන්නැයි හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ හමුදා නිලධාරීන් පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබාදෙන්නැයි යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලා ඇතත් තවමත් ඒවා ලැබී නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිලිප් පීරිස් මහතා කළ කරුණු දැක්වීමක් අනුවයි.

නීතිපතිවරයා විසින් ඉල්ලා ඇති තොරතුරු වහාම ලබාදෙන්නැයි ඉකුත් වසරේ සැප්තැම්බර් මස 25 වෙනිදා අධිකරණය ද යුද හමුදාපතිවරයාට නියෝග කර තිබෙනවා. ඒ අනුව අදාළ තොරතුරු ලබා නොදීම අධිකරණ නියෝගයක් ද උල්ලංඝනය කිරීමක් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

‍මේ අතර අත්අඩංගුවේ පසුවන යුද හමුදා නිලධාරීන්ට යුද හමුදාවේ සහය පවා අහිමිවී ඇති බවද යුද හමුදා ආරංචිමාර්ග සහ ඔවුන්ගේ ඥාතීන් පවසනවා.

මීට පෙර අවස්ථාවකදීත් colombotoday සමග අදහස් දැක්වූ ඔවුන්ගේ ඥාතීන් පැවසූවේ යුද හමුදා බුද්ධි නිලධාරීන් ලෙස ක්‍රියාන්විතයේ යෙදී ත්‍රස්තවාදය මුළිනුපුටා සදහා දිවි කැප කළ මෙම නිලධාරීන් වෙනුවෙන් යුද හමුදාව කිසිදු මැදිහත්වීමක් නොකරන බවයි.

තවද එම ඥාතීන් නගන ප්‍රධාන චෝදනාව වන්නේ සැකයට පමණක් භාජනය වූ මෙම නිලධාරීන්ගේ වැටුප් අත්අඩංගුවට ගත් දිනයේ සිටම යුධ හමුදා නියෝගයන් මගින් නැවැත්වීම එම පවුල් වලට මෙන්ම නිලධාරීන්ටද කරනු ලබන බලවත් අසාධාරණයක් බවය. මෙතෙක් යුධ හමුදාවේ නීති අංශය මේ පිලිබඳව නිහඩතාවය රැකීමෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම හිතාමතාම මගහැර ඇති බව ඥාතීන් චෝදනා කරයි. එමෙන්ම අත්අඩංගුවට ගත් නිලධාරීන් ත්‍රස්තවාදීන් සේ සලකා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මේ වනතෙක් අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම මෙම රණවිරුවන්ට කරනු ලබන අසාධාරණයක් වන බැව් ඔවුන් ප්‍රකාශ කලහ.

Related posts

ස්වාධීන රතන හිමි ජනපති ව්‍යාපෘතියේ ගොයම් නෙලයි !

colombotoday

රාජාංගනය Lockdown

colombotoday

අගමැතිගේ ”ජංගි” කතාවට කාන්තා සංවිධානවලින් විරෝධය.. “සමාව ගත යුතුයි”

colombotoday

මේ වසරට වෙන්කර ඇති ණය සීමාව ඉක්මවා තවත් බිලියන 310ක ණයක් ඉල්ලයි.. යෝ්ජනාව මැති සබයට…

colombotoday

වව්නියාවේදී ජාතික කොඩිය ගලවා බිම දමා පාගයි…

colombotoday

අගමැතිට ද්‍රෝහී වූ ශ්‍රීලනිප හය දෙනා වහා ආණ්ඩුවෙන් පන්නන්න – එජාප 33ක් අගමැතිට ලියයි

colombotoday