Colombo Today Local NewsUncategorized

සරසවි සිසුන්ටත් බූස්ටර් එන්නත

විශ්වවිද්‍යාල සිසුන් ට ලබාදෙන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පසු බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

දෙවන මාත්‍රාව ලබා ගෙන මාස හයක් ඇතුළත මෙම බූස්ටර් එන්නත ලබා දීමට කටයුතු කරන බව ඔහු පවසයි.

“විශ්වවිද්‍යාල සිසුන් පළමු මාත්‍රා 2 ලබා ගැනීමට කල් ගියහොත් ෆයිසර් එන්නත් මාත්‍රාව ලබාගැනීමට තවත් කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා තමන් ළඟම ඇති විශ්වවිද්‍යාලයට ගොස් එන්නත් මාත්‍රා 2 ලබා ගන්න. එසේ නොවුවහොත් ඔබට ෆයිසර් එන්නත ලබාගැනීමට නොහැකි වෙනවා.” යැයි එහිදී විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඌරෙක් අධිකරණ ඇමති වුන පළමු අවස්තාව

colombotoday

වකුගඩු රෝගීන්ට වෙන්කළ කෝටි 62න් සතයක්වත් එස්.බී. වකුගඩු රෝගීන්ට ලබා දී නෑ

colombotoday

නොරොච්චෝලේ 03 වන ඒකකය දින 100කට වැසෙයි

Admin

දකුණු කොරියාවට වැඩමකල ඥානසාර හිමිට සුවිශේෂී පිළිගැනීමක්

colombotoday

මන්ත්‍රීවරුන්ට තර්ජනය කර, සමාජ මාධ්‍යයේ දැන්වීම් පල කරන්නන් ගැන CID විමර්ශන..

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් මාස 3කට ගැසට් කරයි

Admin