Colombo Today Local News

ඉන්දීය යුධ හමුදාපති දිවයිනට

ඉන්දීය යුධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවේන් (Manoj Mukund Naravane) මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද(12) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එතුමා සමග දූත පිරිස ලෙස එරට යුධ හමුදාවේ උසස් නිලධාරීන් තවත් සිව් දෙනෙකු ද පැමිණ සිටියහ.

මෙම ඉන්දීය යුධ හමුදා පිරිස අද(12) උදෑසන 11.05ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

Related posts

ලසන්ත ඝාතනය ගෝඨ පටලවන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්ධවම සාක්ෂි දී ගනී

colombotoday

සීවලී හිමි සොයා මැරයන් පන්සලට කඩා පනිති. සාමනේර හිමිනමකට දරුණු ලෙස පහරදී පලා යයි

colombotoday

වසර තුනක සිරදඬුවම් නියම වූ හිරුණිකාට සති තුනකට පසු ඇප

Admin

“ෆෙඩරල් වචනය නැතිවුණාට ෆෙඩරල් වීමට අවශ්‍ය සියලුදේ අලුත් ව්‍යවස්ථාවේ තියනවා“ – TNA

colombotoday

“නව පනතින් ස්වාධීන නිදහස් භික්‍ෂු සමාජයක් ගොඩනැගෙනවා… ඊට අකුල්හෙළන්නේ අන්තවාදීන්“ – බෙල්ලන්විල හිමි

colombotoday

අසාද් සාලි, මුජුබර් රහුමාන්, රිෂාඩ් බදුර්දීන් 2016 දැමූ පැමිණිල්ලට ඥානසාර හිමිට අධි චෝදනා. මහාධිකරණයෙන් ලක්ෂ 10ක ශරීර ඇප

colombotoday