Colombo Today Local NewsUncategorized

රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහි බැඳුම්කර නඩුව යළි කැඳවීමට දින නියමවෙයි

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 25 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

එම නඩුව අද (11)දින අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුව විසින් එම නඩුවට අදාළ ලේඛන විත්තියේ නීතිඥවරු වෙත භාර දුන්නේය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ අද දින ලබාදුන් ලේඛන අධ්‍යයනය කර අඩුපාඩු තිබේනම් ඒවා අධිකරණයට දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව අදාළ නඩුව ඔක්තෝබර් මස 25 වනදා කැඳවීමට ද නියම කළේය.

2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15ක් පමණ වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව ගොනු කර තිබේ.

Related posts

මම එජාපයට යනවා – අපේ කණ්ඩායමේ නායකයා ජනාධිපති

colombotoday

නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් පරගහදෙනියෙන් අල්ලයි

colombotoday

වෛද්‍ය පීඨ සිසුන්ට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

මල්වතු – අස්ගිරි මහනාහිමිවරු නව ව්‍යවස්ථාව විරුද්ධයි.. අස්ගිරි මහ ලේඛකාධිකාරී හිමියෝ තහවුරු කරයි

colombotoday

ව්‍යාජ ලිපිනයකින් රෝහල් ගතවී බේරුවල රතු කලාපයේ ගැබිණියක් දරුවකු බිහිකරයි – කොරෝනා ආසාධිත බවත් තහවුරුයි

colombotoday

ආණ්ඩුවේ “ඊනියා රිලා සංගණනයේ” විද්‍යාත්මක පසු විපරම

Charith Sankalpana