extremism & terrorism activitiesWorld

ඇෆ්ගනිස්ථානයේ කුන්ඩුස් හි ෂියා මුස්ලිම් පල්ලියට එල්ලකළ බෝම්බ ප්‍රහාරයේ වගකීම ‘සුන්නි’ අයිසිස්-කේපී භාර ගනී.

කුන්දුස් හි ෂියා මුස්ලිම් පල්ලියක් ඉලක්ක කර එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම කොරාසාන් ප්‍රාන්තයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.

මූලික වාර්තාවල දැක්වෙන්නේ තුවාල ලැබූ සහ මියගිය සංඛ්‍යාව 100 ක් බවයි. කෙසේ වෙතත්, පුද්ගලයින් 43 දෙනෙකු පමණ මියගොස් තවත් 140 දෙනෙකු තුවාල ලැබූ බව තලේබ් මතුල්ලා රොහානි දැනුම් දුන්නේය. අනෙක් අතට ෂියා නායක සෙයිද් අහමඩ් ෂා හෂෙමී පවසන්නේ මියගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් ඇති බවයි. “මෙම මාරාන්තික සිදුවීම ෂියා සහ සමාජයේ අනෙකුත් අංශ අතර කම්පනයක් ඇති කර තිබේ,” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

වාර්තා වන අන්දමට, මෙම ප්‍රහාරකයා මුහම්මද් අල්-උයිගුරි ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු චීනයේ මුස්ලිම් උයිගුර් සුළුතරයට අයත් අයෙකි. සිකුරාදා යාච්ඥාවේදී මුස්ලිම් පල්ලිය තුළදී ඔහු බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මිනිසුන් 50-100 ක් මිය ගිය බව ගණන් බලා ඇත.

Related posts

ඇමෙරිකාවේ දිනකදී සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

colombotoday

හැට වසරකට පසු මාලදිවයිනේ මරණ දඬුවම ක්‍රියාත්මකයි

colombotoday

ඉන්දියාවෙන් ලංකාවට පන්නන්න ගිය ගංජා කිලෝ 2090ක් මාට්ටු

Admin

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 30ක් මරුට

colombotoday

නාසා අධි බලැති රොකට්ටුවක් සඳ බලා යයි

Admin