ජනප්රිය නිළි නදීශා හේමමාලි තරුණයෙකු සමග හැසිරෙන ඡායාරූප කිහිපයක් පසුගිය දිනවල අන්තර්ජාලය පුරා පළ වී තිබුණා.
ඇයගේ පුද්ගලික ඡායාරූප යැයි හැගෙන පරිදි පළකර තිබූ එම ඡායාරූප පෙළ ඉරාජ් වීරරත්නයේ ” මම සිල් බිඳ ගත්තේ ” නම් වන ගීතයේ වීඩියෝවක් සදහා පෙනී සිටීමේදී ගත් ඒවා බවට මේ වන විට හෙළිව තිබෙනවා. සෘංගාරාත්මක දර්ශන ඇතුළත් මෙම ගීතය සම්බන්ධයෙන් ඉරාජ්ට මේ වන විට අන්තර්ජාල ප්රේක්ශකයන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින් තිබෙනවා.
පසුගිය දිනක කොළඹදී පැවති සංගීත සංදර්ශනයකදී ලාංකික තරුණියක් ලතින් ඇමරිකානු ගායක එන්රිකේව ප්රසිද්ධියේ සිප ගැනීම සම්බන්දයෙන් අදහස් දක්වමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කළේ එවැනි දේවල් රටේ සංස්කෘතියට පටහැනි බැවින් එවැනි අවස්ථාවන් සංවිධානය කරන අයට මඩු වල්ගෙන් තැලිය යුතු බවයි. සංස්කෘතිය සදාචාරය වැනසීමට තමන් කිසිසෙත් ඉඩ නොදෙන බවද එතුමා පොරොන්දු විය.
අදාල සිදුවීම සමග සසදා බලද්දී ඉරාජ්ගේ මෙම වීඩියෝවේ නදීශාගේ හේමමාලිගේ අනග රැගුමනම් ඊටත් වඩා බොහෝ දුර ගිය එකක් බව පෙනේනට තිබේ.
කියූ විදිහටම ජනාධිපතිතුමා නදීශාට හා ඉරාජ්ට මඩු වලිගෙන් තලා සංස්කෘතිය රැකගන්නා හැටි ජනතාව බලා සිටී.