Colombo Today Local News

කතෝලික පල්ලිවල ලිංගික අපයෝජනයට ලක් වූ දරුවන් දෙලක්ෂයකට අධික පිරිසක් ගැන තොරතුරු රැසක් එළියට

ළමයින් දෙලක්ෂයකට වැඩි පිරිසක් 1950 වසරේ පටන් ප්‍රංශයේ කතෝලික පල්ලි තුළ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව අසන්නට ලැබීමත් සමග ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වේදනාවට පත්ව ඇතැයි වතිකානය ප්‍රකාශ කරයි.

මෙසේ අපයෝජනයට ලක් වූ ළමයින් 216,000ක් අතරින් වැඩි දෙනෙක් පිරිමි ළමයින්ය. අපයෝජකයන් 2900 – 3200ත් අතර පිරිසක් අනාවරණය වී ඇත.

Freed spech නම් වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පවසන්නේ විශ්වාසය, සදාචාරය මෙන්ම ළමයින් පාවාදීමක්ද මෙහිදී සිදුව ඇති බවය.

මෙම විමර්ශනයෙන් හෙළිදරව් වී ඇති පරිදි මෙලෙස වින්දිතයන් බවට පත්ව සිටින ළමුන් සංඛ්‍යාව 330,000ක් පමණ දක්වා ඉහළ යා හැකිය. Freed spech සංවිධානය පෙන්වා දෙන්නේ මෙය ප්‍රංශ ඉතිහාසයේ ‘හැරවුමක්’ විය හැකි හෙළිදරව්වක් බවය. ‘‘මේ වින්දිතයන් වෙනුවෙන් අන්තිමේදී ආයතන මට්ටමෙන් යම් පිළිගැනීමක් ඇතිවෙලා…’’ යනුවෙන් ඔවුන් පවසා ඇත.

වතිකානයේ ප්‍රකාශයට අනුව පාප් වහන්සේ මේ පිළිබඳ දැනුවත්ව ඇත්තේ පසුගිය දිනවල ප්‍රංශයේ බිෂොප්වරුන් හමුවීමෙන් අනතුරුවය.

පල්ලිය මෙම ස්වාධීන පරීක්ෂණය දියත් කළේ වර්ෂ 2018දීය. පරීක්ෂනයට වසර දෙකහමාරක් පමණ ගත විය. එම කාල සීමාව තුළදී විමර්ශකයන් පොලිස් වාර්තා, අධිකරණ වාර්තා, සිද්ධස්ථාන වාර්තා ආදිය අධ්‍යයනය කර ඇත. වින්දිතයන් හා සාක්ෂිකරුවන් සමගද සාකච්ඡා කර තිබේ. මෙම බොහෝ සිද්ධීන් ප්‍රංශ නීතිය හමුවට ගෙන ඒමට තරම් කල් ගත වී ඇති බවද මෙහිදී හෙළිදරව් වී තිබේ.

Related posts

ඇමති රංගේ ASP තනතුරක් ඉල්ලයි

colombotoday

මන්ත්‍රී නිවාස සංකීර්ණයට දැඩි ආරක්ෂාවක්

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන යළිත් දින 2ක් විවෘත කෙරේ

colombotoday

ඇවන්ගාඞ් නඩුවෙන් ගෝඨා අතුළු 7ක් නිදහස්.. ප‍්‍රතිශෝධන අයැදුම්පත ප‍්‍රතික්ෂේප කරමින් ලබාදුන් නියෝග බලශුන්‍ය කරයි

colombotoday

බර අඩු පාන් සදහා අද සිට මෙහෙයුම්

Admin

“මහාමාර්ග උසස් අධ්‍යාපනයටනම් ලොතරැයිය විදේශ අමාත්‍යාංශයට වුණාම මොකෝ“ – රවී

colombotoday