මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා හඳුන්වාදී ඇති වින්ඩෝස් 11 අද (05)දින එළිදැක්වීමට නියමිතය.
වින්ඩෝස් 10 පරිශීලකයින් සඳහා එම වින්ඩෝස් 11 කිසිදු ගෙවීමකින් තොරව යාවත්කාලීන කළ හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.
මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් ප්‍රධාන නිෂ්පාදන නිළධාරියා වන පේනොස් පානෙයි පවසන්නේ නවතම නිෂ්පාදනය පරිශීලකයාට හැසිරවීම ඉතා පහසු බවය.
පරිගණක තාක්ෂණය ගැන දැනුම අඩු අයටත් එය හැසිරවීම පහසුයි යනුවෙන් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.