Colombo Today Local News

විදේශ ගතව සිට ආ සැමියාගෙන් පහර කෑ බිරිදක් මරු දකී

මුදල් ආරවුලක් දුරදිග ගොස් සිය බිරියට පහරදී ඝාතනය කළ සැමියකු කලවංචිකුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කලවංචිකුඩි ඔන්ඩච්චිමඩම් දේශයේ පදිංචි (31) හැවිරිදි කාන්තාවකි .

කාන්තාවගේ සැමියා 38 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු මෑතක විදේශගතව සිට පැමිණි අයකු බවත් පොලිසිය පවසයි.

විදේශ රට සිට එවන මුදල් පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමක් දුරදිග යාමෙන් බහින්බස් වී මෙම පහර දීම සිදුකර ඇති බව පොලිසිය කියයි.

සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව කලවංචිකුඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත .

මියගිය කාන්තාවගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (2) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

තානාපති කාර්යාල කිහිපයක් වැසෙයි

colombotoday

නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි

colombotoday

2020න් පසුවත් ජනපති මෛත්‍රීමයි !! (Video)

colombotoday

සූරියවැව ප්‍රා.ස ලේකම් අල්ලස් ගද්දී අල්ලයි

Admin

උගන්ඩාවේ සල්ලි ගේන්න පරම්පරාවේම සහය හිමි වෙයි

Admin

නම ගිය කසිප්පු මුදලාලිට පොහොට්ටුවේ අපෙක්ෂකත්වය.. විරෝධය දක්වා ගම්වැසියන්ගෙන් පැමිණිළි

colombotoday