Colombo Today Local News

මතුගම දෙමහල් නිවසක සඟවා තිබූ රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය සමග රිවෝල්වරයක් සොයා ගැනේ

මතුගම යටදොලවත්ත රන්දිලවත්ත ප‍්‍රදේශයේ ඉඳිකරමින් පවතින දෙමහල් නිවසක සඟවා තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික වටිනා හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග රිවෝල්වරයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

එම නිවසේ තිබී හෙරොයින් මත්කුඩු කිලෝ එකයි ග‍්‍රෑම් 55ක්, අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 50ක්, රිවෝල්වරයක් සහ විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් තුන්වන කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇත. මත්ද්‍රව්‍ය සහ රිවෝල්වරය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත. පොලිස් විශේෂ කාර්ය බලකා අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් තුන්වන කණ්ඩායමේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඒ.පී. සම්පත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

Related posts

ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

(VIDEO) වික්ටෝරියා බලාගාරයේ නළයක කාන්දුවක් – විදුලි කප්පාදුවක් අතලඟ?

colombotoday

සුපිරි බලය සහිත ඇමති ධුරය ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

colombotoday

තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි…

colombotoday

මංගල පැනවූ බද්ද ජනපති ගලවයි

colombotoday

පාස්කු ප්‍රහාරය – පස්දෙනෙකු ගැන විමර්ශන අරඹන්නැයි පොලිස්පතිට උපදෙස්

colombotoday