Colombo Today Local NewsUncategorized

ව්‍යාධිජනකයින් සහිත චීන කාබනික පොහොර තොගය ගෙනඒම අත්හිටුවයි

ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් රට තුළ ඇති කළ චීන කාබනික පොහොර තොගය මෙරටට ගෙන ඒම නතර කර දමන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

චීනයෙන් ගෙන ඒමට සැලසුම් කළ කාබනික පොහොර තොගයට අදාළව දෙවැනි සාම්පලයේ ද පැහැදිලිවම ව්‍යාධිජනකයින් සිටින බවට තහවුරු වීම මත අදාල පොහොර තොගය ඒම නතර කර දමන බව හෙතෙම කීය.

මහ කන්නයේ වගාව සඳහා ගොවි ජනතාවට කඩිනමින් ලබාදීම පිණිස කාබනික පොහොර ආනයනය කිරීමට සැලසුම් කළ ද අදාල පොහොර තොගය ව්‍යාධිජනකයින් සහිත වීම මත ශාක ආරක්ෂණ පනත ට පටහැනිව කටයුතු කළ නොහැකි වීමත් රට තුළට ව්‍යාධිජනකයින් ඇතුලත් කර ගනිමින් හානිකර පරිසර තත්වයන් ඇතිවීම වළක්වාලීම හේතුවෙන් මෙලෙස පොහොර තොගය ගෙන ඒම නතර කර දැමූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Related posts

“අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා.. “

colombotoday

පරිප්පු මිළ ඉහළට !

colombotoday

මින්පසු ත්‍රිපිටකය හිතූ හැටියට සංස්කරණ බෑ.. විද්වත් මණ්ඩල අනුමැතියෙන් පමණයි…

colombotoday

ශ්‍රී ලනිපය 70 වැනි සංවත්සරයට සමගාමීව මහා පරිත්‍යාගයකට සැරසේ

colombotoday

පන්නන්න ගිය කෝටියක යූරෝ රේගුවේදී මාට්ටු

colombotoday

ජනපති සංචාරයකට දිවයිනෙන් පිටව යයි

Admin