Colombo Today Local News

නිරිතදිග මෝසම් සක්‍රීයයි. දිස්ත්‍රික්ක 11කට තද වැසි

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයවීම හේතුවෙන් දිස්ත්‍රික්ක 11කට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (25)දින නවතම නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් එලෙස අපේක්ෂා කරන බවය.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුරය, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල එලෙස තද වැසි බලාපොරොත්තු වේ.

මෙම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ඉන්දීය වාණිජ ඇමතිනිය දැන් ලංකාවේ.. ETCA සාකච්ඡා ඇරඹෙයි

colombotoday

පිටකොටුව වෙළදසැලකින් කඩු 300ක් හමුවෙයි… වෙළදසැලේ හිමිකරු පැන යයි…

colombotoday

රංජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට.

colombotoday

අඹු-සැමි යුවළක් තරුණයෙක්ට නිරුවත් කර පහරදෙයි

colombotoday

ලංකාවේ මිනිස් ජාවාරමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් ඉන්දියාවෙිදී අත්අඩංගුවට

Admin

හිරුණිකාට බරපතළ වැඩ සහිතව වසර 3ක සිර දඬුවම්

Admin