World

තලේබාන් රජය ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරීයා නෙරපති

ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරී හමීඞ් ෂින්වාරි මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට තලේබාන් රජය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නසීබ් ඛාන් නමැත්තකු එම තනතුර සඳහා පත්කර ඇති අතර ඔහු දරුණු ත‍්‍රස්තවාදී සංවිධානයක් වන හකානි ජාලයේ සාමාජිකයකු වේ. හකානි සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ දරුණු ප‍්‍රහාර රැසක් සිදුකර ඇති බවට වාර්තා වන සංවිධානයකි. තමාව ධුරයෙන් ඉවත් කළ බව හමීඞ් ෂින්වාරි සිය මුහුණු පොතේ සටහනක් තබා ඇති අතර පසුව එය ද ඉවත් කර ඇති බවට විදෙස් මාධ්‍යවල දැක්වේ.

තලේබාන්ලා  ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් ලොක්කෙකු නෙරපති
හමීඩ් ෂින්වාරි

ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් විනිවිදභාවයකින් යුතුව ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කරන ලද තමන්ව එම ධුරයෙන් ඉවත් කළ ආකාරය තේරුම් ගැනීමට නොහැකි බවත් ෂින්වාරි මහතා පසුව ප‍්‍රකාශ කර තිබිණි. තලේබාන්වරු විසින් පසුගිය මාසයේදී ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් සිදු කරන ලද දෙවැනි ප‍්‍රධාන වෙනස්කම මෙය වන අතර ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති අශිගුල්ලා පාසිල් හමුවී නසීම් ඛාන් සිය ධුරයේ කටයුතු ආරම්භ කර ඇත. අශිගුල්ලා පාසිල් සහ නසීබ් ඛාන් දෙදෙනාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්වඡාවක ඡායාරුපයක් මෙහි දැක්වේ.

Related posts

ලුසියානා හි ප්‍රසිද්ධ හොල්මන් නිවසේ කථාව !

colombotoday

ඊශ්‍රායල හමුදාව සහ හමාස් රොකට් වෙඩි හුවමාරුවක් සමඟ අලුත් අවුරුද්ද සමරයි

colombotoday

UN සම්බාධකවලට එරෙහිව උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

ජනපති තනතුරෙන් අයින් වෙන දිනය පුටින් කියයි

colombotoday

ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ හවුති කැරලිකරුවන් ට දැඩි අනතුරු ඇඟවීමක්

colombotoday

බිහාර් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටෙයි

Admin