Colombo Today Local News

හොර වීසා වලින් ඉතාලියට පනින්න ගිය දෙදෙනෙක් මාට්ටු

කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද 21 අලුයම කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශ දේශසීමා ආවේක්ෂණ ඒකක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

41 හැවිරිදි වියේ පසු වන මොවුන් දෙදෙනා පුත්තලම, තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ඔවුන් අද 21 දින අලුයම 03.15 ට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි නුවර වෙත පිටත්ව යාමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරණ ගුවන් යානයට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි.

ඉන්පසුව ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් වෙත මොවුන් දෙදෙනා ඉදිරිපත් කළ ලියකිවිලි පිළිබඳ මතු වූ ගැටලු කීපයක් මත , ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොවුන් දෙදෙනා එම ලියකියවිලි ද සමග ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ.

එහිදී එම ලියකියවිලි තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කළ අතර, එහිදී එම ඉතාලිය නේවාසික වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බවට තහවුරු වී තිබේ. .
මින් පෙර කිසි දිනෙක විදේශගත වී නොතිබුණු මොවුන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර වල ද ව්‍යාජ ඉතාලි සහ ශ්‍රී ලංකා ආගමන විගමන මුද්‍රා සටහන් ඇති බවද, වැඩිදුරටත් මෙම නිලධාරීන් කළ විමර්ශන වලදී අනාවරණය කරගැනීමට සමත් වී තිබුණි.

ඉන්පසුව මෙසේ කූඨ ලේඛන මගින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ මොවුන් දෙදෙනා, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබුණි.

Related posts

වව්නියාවේදී දෙමළ සහ මුස්ලිම් පිරිසක් ගැටෙයි.. ගුටිකෑ තුනක් රෝහලේ

colombotoday

සජිත් – ඩලස් නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව දන්වයි..

Admin

මහ සයුරේ දැවැන්තයෙක් මගීන් 1176ක් රැගෙන මාගම්පුර වරායට

colombotoday

ලංගම බස් ධාවනය පළාත් තුල පමණයි. | අන්තර් පළාත් ගමන් වාර අත්හිටවයි.

colombotoday

කුසලධම්ම හිමියන් ගිලන් වෙද්දී දේපල සොරා ගැනීමට කැස කවන වසලයෝ…

colombotoday

පාර්ලිමේන්තුව අද රැස් වේ

Admin