Colombo Today Local News

මත්පැන් අලෙවිය නතර කිරීමට පියවර ගන්නැයි වෛද්‍ය සංගමය මුදල් ඇමතිගෙන් ඉල්ලයි

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර මැත්පැන් අලෙවිය සඳහා අවසර ලබාදීමට ගෙන ඇති තීරණය ගැටලු රැසකට මුල්වනු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළ යාම මෙන්ම, ගෘහස්ථ හිංසන, මාර්ග අනතුරු ඉහළ යාම ආදී ගැටලු රැසක් ඒ හරහා නිර්මාණය වනු ඇති බවය.

මේ හේතුවෙන් මත්පැන් අලෙවිය නතර කිරීමට සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස වෛද්‍ය සංගමය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.

අන්තර්ජාලය ඔස්සේ හෝ මත්පැන් අලෙවියට අවස්ථාව ලබා නොදිය යුතු බව ඔවුන් සිය ලිපියෙන් ඉල්ලා ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදි මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ කිසිදු ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරිමට සුදුසු වාතාවරණයක් මෙතෙක් උදාවී නොමැති බවයි.

මේ අතර දෛනික කොවිඩ් ආසාදිතයින් අඩුවීමේ පදනම විද්‍යාත්මකව පැහැදිලි කිරිමේ හැකියාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බව රාසයානාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි.

රට වසා තබමින් වෛරස ව්‍යාප්තිය පාලනයට ගත් පියවර සාර්ථක බවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

Related posts

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලය වෙරළට කිලෝමීටර් 280 ක් දුරින්

colombotoday

ත‍්‍රස්තවාද වැලැක්වීමේ පනත වෙනුවට ගෙනෙන නව පනත පරද්දවනවා – ශ්‍රී.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර

colombotoday

නොතෙමී යන්න, යහපාලන ‘පංචවිධ කාර්’ එක ඉන්දියාවෙන් එයි.. බජාජ් Qute ළගදීම වෙළදපොලට

colombotoday

මල් තුනකින් තෙරුවණ පුදා සමුගෙන ගිය ගාන්ධර්වයාණන් ගැන ප්‍රිය බිරිද විමලාවන් කියන කතාව

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනය අත්හරී

colombotoday

මල්වාන සුවිසල් නිවසේ නඩුවෙන් බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස්

colombotoday