12 April 2025
Covid 19

තවත් කොරෝනා මරණ 121 ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තවත් කොරෝනා මරණ 121 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11,938 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 62 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 59 දෙනා කාන්තාවන් ය.

වාර්තා වූ මරණ අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි ආසාදිතයෙකු ද වේ.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 28 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 92 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (17)දින වාර්තා කරන ලද මෙම මරණ 121 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

Related posts

අවුරුදු 2ට වැඩි කොවිඩ් ආසාදිත දරුවන්ට නිවසේදීම ප්‍රතිකාර

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 152 දක්වා ඉහළට

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 353ක්

colombotoday

කොවිඩ් ආසාදනය වූ ගුරුවරියක් මිය යයි

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 248 දක්වා ඉහළට

colombotoday

දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවක පිරිසකටත් කොවිඩ්

colombotoday