Colombo Today Local News

සතොසේ සුදුළූණු බහාලුම් 02ක් හොර පාරෙන් විකිණූ නිලධාරීන්ගේ වැඩතහනම්

සතොස ආයතනය වෙත ලබාගත් සුදුළූණු බහාලුම් 02ක් ඉහළ කළමනාකාරිත්වයේ කිසිදු අනුදැනුමකින් තොරව තෙවන පාර්ශවයක් වෙත අලෙවිකර ඇති බව වාර්තා විය.

ඊට සම්බන්ධ නිලධාරින්ගේ සේවය අත්හිටුවන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නියෝග කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යවරයා විසින් සතොස සභාපතිවරයාට සහ ප්‍රධාන විධායක නිලධාරිවරයාට එම නියෝගය ලබාදුන් බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස අලෙවිසැල් ජාලයට නිකුත්කිරීමේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් සතොස ආයතනය වෙත ලබාදුන් සුදුළූණු බහාලුම් 02ක් සතොස ඉහළ කළමනාකාරිත්වයේ අනුදැනුමකින් තොරව පසුගියදා තෙවන පාර්ශවයක් වෙත අලෙවිකර තිබුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා සභාපතිවරයාට සහ ප්‍රධාන විධායක නිලධාරිවරයාට නියෝග කර ඇත.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරන ලෙස ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සතොස සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

Related posts

ඉතාලි තානාපති කාර්යාලය ළඟ තැරැව්කරුවන් මාෆියාවක – කොල්ලුපිටිය පොලිසියේ ඇතැම් නිලධාරීන් ද ජාවාරමට හවුල් බවට සැයක්

colombotoday

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්

Admin

වැලිකඩ වෙඩිතැබීමක්

Admin

දඹුල්ලේදී තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ලෝකෙට ගිය යොහානිට ලංකාවෙන් සම්මානයක්

colombotoday

විමල් ට එරෙහිව බදියුදීන් CID යයි | මගේ සහෝදරයට හෝ මට සහරාන් එක්ක කිසිදු සම්බන්ධයක් තිබුණේ නෑ. පුළුවන්නම් චෝදනා ඔප්පු කරන්න

colombotoday