Colombo Today Local News

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම ගැන එපික් ලංකා සමාගමේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් දත්ත පද්ධතියේ තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) දත්ත මැකී යෑමේ සිද්ධිය පිළිබඳව කෙරෙන විවිධ ප්‍රකාශවලට එපික් ලංකා පුද්ගලික සමාගම ප්‍රතිචාර දක්වා තිබේ.

එම සමාගම අවධාරණය කරන්නේ, තම සමාගම් ජාලය කිසිදු ආයතනයක් මගින් සේවක අර්ථ සාධක අරමුදල හෝ සේවක භාරකාර අරමුදලට කිසිදු සේවා සැපයීමක් සිදුකර නොමැති බවය.

වර්තමානයේදී ද එවැනි සේවා සැපයීමක් සිදු නොකරන බව ද ඔවුන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පෙරේදා(09)දින මාධ්‍ය වෙත කළ ප්‍රකාශය හා පසුගියදා කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයක් මූලික කරගනිමින් එපික් ආයතනය අදාළ කරුණු පැහැදිලි කිරීම සිදු කර තිබේ.

පාර්ශව ගණනාවක් පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡා ඇතුළු ප්‍රසිද්ධ ස්ථානවල කළ ප්‍රකාශ එපික් ලංකා පුද්ගලික සමාගම සිය නිවේදනය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

පක්ෂ සමුළුවත් එපා.. ආසන සංවිධායකකමත් එපා.. මන්ත්‍රී ජානක වක්කුඹුර ඉල්ලා අස්වෙයි

colombotoday

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

නිහාල් ෆොන්සේකා මුදල් මණ්ඩලයට

colombotoday

දේවගැති ජෙරම්ට ඇප

Admin

අන්තර්කාලීන අය-වැය මැතිසබයට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

colombotoday