Covid 19

අගෝස්තු මාසයේදී පමණක් රත්නපුරේ කොවිඩ් මරණ 338ක් | ආසාදිතයින් 4000ක් නිවෙස් තුළ ප්‍රතිකාර ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 338 දෙනකු අගෝස්තු මාසයේදී පමණක් රත්නපුර දිස්ත්‍රික්කය තුළ මියගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් වසංගත ​රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ පසුගිය 8 වැනිදා පැවැති රත්නපුර දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීමට Z00M තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.

වෛද්‍ය ලක්මාල් කෝනාර පැවසුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වන විට කොවිඩ් ආසාදිතයන් 32,393ක් හඳුනාගෙන ඇති බවත් මියගිය 338 දෙනා අතුරින් හය දෙනකු වයස අවුරුදු 30ට අඩු වූවන් බවත් වයස අවුරදු 30 – 60 ත් අතර 59 දෙනකු, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 273 දෙනකු වශයෙන් මියගොස් ඇති බවත්ය.

මේ වන විට කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 14ක් පමණ රත්නපුර දිස්ත්‍රික්කයට ලැබී ඇති බවත් දිස්ත්‍රික්කයේ 50%කට පමණ කොවිඩ් 19 එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට හැකි වී ඇති බවත් ඔහු පැවසීය.

රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වන විට නිවෙස් තුළම 4000ක් පමණ කොවිඩ් ආසාදිතයන් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්නා බව ද කෝණාර පැවසීය.

මෙම දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීම සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගමගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Related posts

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 219 දක්වා ඉහළට

colombotoday

දැනට ආසාදිතයින් 3,223ක්

colombotoday

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන ලක්ෂ 70 ඉක්මවයි

colombotoday

තවත් කොරෝනා මරණ 14 ක්

colombotoday

තවත් ආසාදිතයන් 5ක් හමුවෙයි – සමස්ත රෝගීන් ගණන 467ක් දක්වා ඉහලට

colombotoday

දරුවන්ට කොවිඩ් වැළඳීමේ උපරිම ධාරිතාවයක

colombotoday