Colombo Today Local News

කෝටි දෙකක අයිස් මත්ද්‍රව්‍ය සමග කැලණිය වණවාසළදී තරුණයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සංචරණ සීමා උල්ලංගණය කරමින් ජාවාරම් කිරීම සඳහා රැගෙන යමින් සිටි තරුණයකු කැලණිය වණවාසළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (8)දින අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ පොලිස් වසමේ වත්තල, වනවාසල පාර, ජයන්ති විහාරය ඉිදිරිපිට දී සිදුකළ මෙමා වැටලීමෙන් අයිස් කිලෝ 01 ග්‍රෑම් 666 ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කමින් සිටි කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශ 1 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පො.ප. ඒ.එන්.ටී. කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇතැයි ද එම බලකාය සඳහන් කරයි.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුව ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත සැකකරු සහ නඩු භාණ්ඩ පහර දුන් බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Related posts

රාජසභා මණ්ඩපය ඩෝසර් කල නගරාධිපතිගේ උපන්දිනයට පොලිස් අධිකාරී කේක් ගෙනත්. කට්ටියම කේක් කපා උපන්දිනය සමරලා.

colombotoday

දිවුලපිටියේ පාසැලක සිසුන් 1500ක් නිරෝධයනයට.

colombotoday

පැය 5ක් අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

colombotoday

ගොවින්ට නොමිලේ ඩීසල් බෙදන්න රජයට මිලියන 122ක් වැය වෙයි

Admin

මහින්ද කියන්නේ පිස්සෙක් නෙවෙයි – අගමැති රනිල් කියයි

colombotoday

“එළුග තමිල්“ කිළිනොච්චියේ වැඩ අල්ලයි.. සතොස ගොඩනැගිල්ලට ප්‍රහාරයක් !

colombotoday