World

ළමුන්ට සහ දෙමාපියන්ට පීඩනය වැඩියි. – පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරයි

චීනය බදාදා පුද්ගලික ගුරුවරුන්ට Online හෝ නේවාසික ගොඩනැගිලි, හෝටල් සහ කෝපි හල් වැනි ලියාපදිංචි නොවූ ස්ථාන වල පන්ති පැවැත්වීම තහනම් කර ඇති අතර මුදල් අයකරන උපකාරක පන්ති සියල්ල ඉවත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කර ඇත.

ළමයින් සහ දෙමාපියන් මත ඇති වන පීඩනය ලිහිල් කිරීමේ උත්සාහයක් ලෙස බලධාරීන් පාසල් විෂය මාලාවේ විෂයයන් සඳහා මුදල් අයකර ඉගැන්වීම තහනම් කර තිබේ.

තරඟකාරී උසස් අධ්‍යාපන ක්‍රමයක් නිසා උපකාරක පන්ති සේවය දෙමාපියන් අතර ජනප්‍රිය වී ඇති නමුත් රජය පසුගාමී උපත් අනුපාතයක් ඉහළ නැංවීමේ උත්සාහයක් ලෙස දරුවන් ඇති දැඩි කිරීමේ පිරිවැය අඩු කිරීමට උත්සාහ කළේය.

පාසැලෙන් පසු උපකාරක පන්ති පැවැත්වීමට ද අවසර නොදෙන බව එරට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රොයිටර් ඇසුරෙනි

Related posts

මියන්මාර් හමුදා පාලනය ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සේවා බ්ලොක් කරයි.

colombotoday

පාකිස්ථානයේ ගෑස් පිපිරීමකින් 16ක් ජීවිතක්ෂයට

Admin

රට වැසියන් දේශප්‍රේමීන් කරවන තීන්දුවක් ඉන්දීය අධිකරණයෙන් !

colombotoday

කොරෝනා නිසා ඉතාලියේ වෛද්‍යවරුන් 80ක් හෙද හෙදියන් 25ක් මියගිහින්

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කුන්ඩුස් හි ෂියා මුස්ලිම් පල්ලියට එල්ලකළ බෝම්බ ප්‍රහාරයේ වගකීම ‘සුන්නි’ අයිසිස්-කේපී භාර ගනී.

colombotoday

චීනයට යන සංචාරකයින් නිරෝධායනය වීම අවසන් කරයි

Admin