World

ඇෆ්ගන් නව රජයේ නායකත්වය තලෙයිබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලාහ් බරාදාර්ට

තලෙයිබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලාහ් බරාදාර් ඇෆ්ගනිස්ථාන නව රජයේ නායකයා ලෙස පත් කරන බව තලෙයිබාන් සංවිධානය නිවේදනය කර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ, නව රජයේ පාර්ලිමේන්තුව පිහිටුවීම තව සතියකින් කල් දමා ඇති බවයි.

අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව යාමත් සමග එරට මතුව ඇති මානුෂීය අර්බුද සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා ජිනීවාහිදී රැස්වීමක් කැඳවීමට ද නියමිත ය.

මේ අතර ආධාර බෙදාහැරීමේ සහ මානුෂීය සහන සේවා කටයුතුවල නිරත සේවකයින්ගේ ආරක්ෂාව සහතික කරන බවට තලේබාන් සටන්කාමීන් පොරොන්දු වී තිබේ.

ඒ කාබුල් නුවර එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානියා සමග පැවති සාකච්ඡාවකදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කාබුල් නුවර එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානියා සමග දින ගණනාවක් පුරා පැවති සාකච්ජාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අතර මෙම සාකච්ජාවේදී ඇෆ්ගන් වැසියන්ට නිදහසේ සංචරණය කිරීමේ අයිතිය ද ලබා දීමට පොරොන්දු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම සාකච්ජාවේදී කාන්තාවන්ගේ අයිතිය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

මේ අතර, ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාල කාන්තාවන්ට නිකාබ පැළඳීම තලෙයිබාන් සටන්කාමීන් විසින් අනිවාර්ය කරනු ලැබ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිසුවියන්ට ඉගැන්විය යුත්තේ, කාන්තා ආචාර්යවරියන් විසින් පමණක්ම බවට ද තලෙයිබාන් සටන්කාමීන් නියෝග කර ඇති බවයි.

මේ අතර, ලිංගිකත්වය අනුව පන්ති බෙදා වෙන් කළ යුතු බවට ද තලෙයිබාන්වරුන් නියෝග කර තිබේ.

Related posts

ඇමැතිවරු දිවුරද්දී ජනාධිපති මැදුර ඇතුළෙන් මතුවුණේ මිනීමරු දිවියෙක්ද ?

Admin

මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ

colombotoday

දෙවන ලෝක යුධ සමරුවේ, රුසියානු යුධ බලය පෙන්වයි

colombotoday

උමගක් කඩා වැටී සේවකයින් 40ක් පොළොව යට හිරවෙයි

Admin

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කරයි

colombotoday

රාජ්‍ය උත්සවයකදී නින්ද ගිය වරදට උතුරු කොරියාවේ ඇමතිවරයෙක් වෙඩි තබා මරයි

colombotoday