Colombo Today Local News

අනාගතයේදී වන්දි ගෙවන්න වෙයි. බලු බද්ද යෝජනා කෙරූ දඹුල්ල නගරාධිපති ඕපාත වාර්තා කරුවන්ට තග දමයි.

එළඹෙන 2022 වසරේ සිට දඹුල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම සේවා වසම් 13 තුළ ජීවත්වෙන සියලුම නිවෙස් වල ඇති කරනු ලබන සුරතල් බල්ලන් සහ බැල්ලියන් සඳහා බදු මුදලක් අය කර එය ජනවාරි 31 දා සිට අනිවාර්යෙන් ගෙවිය යුතු බවට යෝජනාවක් ගෙන එන යෝජනාවක් පිළිබඳව පුවතක් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් විසින් වාර්තා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත විසින් මාධ්‍ය හමුවක් අද(5) කැඳවා තිබිණි.

කෙසේ වෙතත් එම යෝජනාව ඉදිරිපත් කලාද නැද්ද යන කාරණයවත් නගරාධිපතිවරයා පැහැදිලි කර නොමැති අතර ඒ වෙනුවට මෙම පුවත වාර්තා කල මාධ්‍යවේදියාට අනියමින් තර්ජනය කරන ආකරයක් දක්නට ලැබිණි.

ආණ්ඩුවට මඩ ගහන්න බලාගෙන තමාගේ ක්‍රියාව විවේචනය කර ඇති බවත් පුවත වාර්තා කිරීම හේතුවෙන් රජය අපහසුතාවයට පත්වූ බවත් “මේ පිළිබඳව වන්දි ගෙවන්න වෙයි… අනාගතයේදී වගකියන්න වෙයි කියන එකත් සිහිපත් කරනවා” යනුවෙන් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකරන ලදි.

නගරාධිපති ඕපාත සිදුකල ප්‍රකශය “Puwathata Wadiyen” youtube චැනලයෙන් උපුටා ගන්නා ලදි.

Related posts

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් කොටි නායකයෙක් ලංකාවට පිටුවහල් කරයි !

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සීග්‍රයෙන් ඉහළ යෑම ස්ථිරයි

Admin

අධ්‍යාපනයෙන් අඩකටත්වඩා කපා දැමේ.. ජනපතිට දිනකට කෝටි 2ක් වෙන් කෙරේ.. 2017 අයවැය යෝජනා !

colombotoday

යහපාලන සමයේ රතන හිමිගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වූ “වස විස නැති ගොවිතැන” වැඩසටහනට කෝටි ගණනක් වියදම් කරලා.

colombotoday

සතොස සහල් ගෙන්වීමේදී රුපියල් මිලියන 15,000ක මුදල් මගඩියක් – සෙලින්කෝත් හවුල් ?

colombotoday

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ලංකාවට චෝදනා

colombotoday