Colombo Today Local News

බ්‍රිතාන්‍ය කොටි තහනම දික් කරයි

දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගෙන යෑමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ.

එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයාගේ මෙම තීරණය ගැන ශ්‍රී ලංකා රජය දැනුවත් කර බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2000 අංක 7 දරණ එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ එරට රජය එම සංවිධානය තහනම් කර ඇත.

එරට තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසමේ (POAC) තීන්දුවෙන් අනතුරුව ගනු ලැබූ ස්වදේශ කටයුතු ලේකම්වරයාගේ මෙම තීරණය මඟින් එක්සත් රාජධානිය තුළ එල්ටීටීඊ සංවිධානය සඳහා වූ තහනම ඉවත් කිරීම සඳහා එල්ටීටීඊ පෙරමුණු සංවිධානයකින් කරන ලද ඉල්ලීම ද මේ අනුව ප්‍රතික්ෂේප වූ බවද විදේශ අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ දී, බ්‍රිතාන්‍යය ඇතුළ රටවල් සමඟ පවතින හවුල්කාරිත්වය ශ්‍රී ලංකා රජය අගය කරන අතර, පුරවැසියන්ගේ ජීවිතවලට තර්ජනය කරන සහ ගෝලීය හා කලාපීය සාමය හා ආරක්ෂාවට තර්ජනයක් වන ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය අවම කිරීම සඳහා එක්සත් රාජධානිය සමඟ කටයුතු කිරීම සඳහා ද ශ්‍රී ලංකාව කැපවී සිටින බව අමාත්‍යාංශය සිය නිවේදනයේ දක්වා ඇත.

මේ වන විට යුරෝපා සංගම් කලාපය ඇතුළුව ලොව පුරා වෙනත් රටවල් 30 කට වැඩි සංඛ්‍යාවක මෙන්ම, එක්සත් රාජධානියේ ද එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස පවතින බවද විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.

Related posts

වනඅලි එලවන්න වසරකට අලි වෙඩිවලට රුපියල් මිලියන 2800ක්

colombotoday

වෑන් රියක් සමග කුණු කන්දට යටවුණු පහළොස් දෙනෙකු සොයා කැණීම් ඇරඹේ

colombotoday

අද රාත්‍රියේ රට කැළඹෙන හෙළිදරව්වක් !

colombotoday

බෙදුම්වාදී රැළියට රාජ්‍ය දේපළ අවභාවිතා කරලා.. FCIDය විග්නේෂ්වරන් කුදලාගෙන විත් හිරේ දමයි !

colombotoday

නාමල් රාජපක්‍ෂ මහ පාරේ නිදි

colombotoday

පාසල් ගිය බසයටම යට වී 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

Admin