Covid 19

කොවිඩ් මාරයාගෙන් ගමක් බේරාගත් පී.එච්.අයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ දැඩි විමසිලිමත්භාවය හේතුවෙන් ගමක් පුරා ව්‍යාප්තවීමට තිබූ කොවිඩ් වෛරසය එක් නිවසකට පමණක් සීමා කර ගැනීමට හැකි වූ පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.

බණ්ඩාරවෙල මකුල්ඇල්ල ප්‍රදේශයේ නිවසක 80 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය දිනෙක ජීවිතක්ෂයට පත්ව තිබුණි.

එම මරණ සාමාන්‍ය මරණයක් සේ සලකා නිවැසියන් විසින් එම පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකිරීමට සූදානම් වී ඇත.

එම මරණය පිළිබදව තොරතුරු සැලවීමත් සමග ප්‍රදේශය භාර සෞඛ්‍ය පරීක්ෂකවරයා මියගිය පුද්ගලයාගේ නිවසේ සාමාජිකයින් කිහිපදෙනෙකු යොදාගෙන ක්ෂණික ප්‍රතිදේහ ජනක (ඇන්ටිජන්) පරීක්ෂණයක් සිදුකර තිබේ.
එම පරීක්ෂණයේ ප්‍රතිඵල වලට අනුව සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු ගෙන ඇත.

අනතුරුව මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් ද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයක් සිදුකර තිබේ.

එහිදී මියගිය පුද්ගලයාට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණය කර ගෙන ඇත.

එම මරණය පිළිබදව ආරංචිවීමත් සමග ගම්මානයේ ජනතාව එම ස්ථානයට පැමිණ සිට ඇති අතර, සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

Related posts

තවත් කොවිඩ් මරණ 13ක්

colombotoday

‌තවත් ‌ඩෙල්ටා ආසාදිතයින් 19ක් හදුනාගනී

colombotoday

මාරවිල රෝහලේ වෛද්‍යවරු 8කට කොරෝනා.. කාර්ය මණ්ඩල සාමාජිකයින් 31ක් ආසාදිතයින් | වාට්ටු 04 ක් සහ දැඩි සත්කාර ඒකකය වැසෙයි

colombotoday

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනාගැනේ

colombotoday

කොරෝනා පරීක්ෂණයට බේරුවල පල්ලියකට ගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විරෝධය. – පල්ලියේ ගේට්ටුව වසා ඉබි යතුරුත් දමයි.

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි STF 30කට කොවිඩ්.

colombotoday